සම්මත පූර්වාරක්ෂාවන: අත්වල සනීපාරක්ෂාව
Offered By: OpenWHO
Course Description
Overview
සෞඛ්‍යාරක්ෂාව හා සම්බන්ධ බොහෝ ආසාදන හොඳ අත් සනීපාරක්ෂාව සලසා ගැනීමක් තුළින් වළක්වා ගත හැකිය - එනම් නියම වේලාවට සහ නියම ආකාරයෙන් දෑත් පිරිසිදු කිරීමෙනි. සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ ලොව පුරා සෞඛ්‍යාරක්‍ෂක පරිශ්‍ර වැඩිදියුණු කිරීම සහ වර්ධනය කිරීම සඳහා සහාය වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ බහුවිධිත අත් සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ උපායමාර්ගය, ක්‍රියාත්මක කිරීමට මාර්ගෝපදේශය සහ ක්‍රියාත්මක කිරීමේ මෙවලම් කට්ටලය ඊට අනුපූරක වේ. මෙම මෙවලම් කට්ටලයේ එසැණ යොදා ගත හැකි ප්‍රායෝගික මෙවලම් රැසකි. අත් සනීපාරක්ෂාව, ආශ්‍රිත මෙවලම් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ සාරාංශ කිරීමට මෙම මොඩියුලය සකස් කර ඇත.
Syllabus
Course information
මෙම පා මාලාව පහත දැක්වෙන භාෂාවලින් ද ලබා ගත හැකිය:
English - français - Português - العربية - Русский - Español - 中文 - Nederlands - Soomaaliga - Türk- தமிழ் - македонски - Tetun - Shqip - қазақ тілі
දළ විශ්ලේෂණය: රෝගීන් ආරක්‍ෂිතව තබා ගැනීම සඳහා සෞඛ්‍ය සේවකයින්ගේ (HCWs) දෑත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. සෞඛ්‍ය සේවකයෝ නියම වේලාවට නිසි ක්‍රමවේදයන් භාවිතා කරමින්, තම දෑත් පිරිසිදු නොකරන්නේ නම්, ආසාදන ඇති කරන ක්ෂුද්‍ර ජීවීන් එම අත්වලින් තවත් රෝගියෙකුට සම්ප්‍රේෂණය කළ හැකිය. ප්‍රධාන අවස්ථාවන්හිදී අත් සනීපාරක්ෂාව සිදු කිරීම වැදගත් සෞඛ්‍ය සේවා ක්‍රියාකාරකමකි. අත් සනීපාරක්ෂාව මගින් ක්ෂුද්‍ර ජීවීන් සම්ප්‍රේෂණය වීම අඩු කරයි (ප්‍රතිජීවක-ප්‍රතිරෝධී ඒවා ඇතුළුව), රෝගීන්ගේ ආරක්ෂාව වැඩි කරයි, සහ සෞඛ්‍ය සේවාවන් හා සම්බන්ධ ආසාදන (HAI) අඩු කරයි. ඵලදායී, නිසි කලට සිද කරන අත් සනීපාරක්ෂාව යනු ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ මූලික කාරණයකි.
ඉගෙනුම් අරමුණු: මේ පාඨමාලාව අවසන් වන සහභාගිකයන් පහත දෑ හැකි විය යුතු ය:
- ආසාදන වැළැක්වීමේ සහ පාලනය කිරීමේ තීරණාත්මක අංගයක් ලෙස අත් සනීපාරක්ෂාව විස්තර කිරීම;
- අත් සනීපාරක්ෂාව සඳහා අවස්ථා 5 හඳුනා ගැනීම;
- රෝගී සත්කාර කටයුතු වලදී අත්වැසුම් භාවිතය සහ අත් සනීපාරක්ෂාව පිළිබඳව සාකච්ඡා කිරීම;
- ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත ක්‍රමයට අනුව සබන් හා ජලය සමග අත් සේදීම සඳහා නිවැරදි ක්‍රමය නිරූපණය කිරීම;
- ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශිත ක්‍රමයට අනුව ඇල්කොහොල්මය විෂබීජ නාශක (ABHR) සමඟ අත් සනීපාරක්ෂාව සිදු කිරීම සඳහා නිවැරදි ක්‍රමය නිරූපණය කිරීම; සහ
- සෞඛ්‍ය සේවා ස්ථානයක අත් සනීපාරක්ෂාව පිළිබඳ ප්‍රධාන කරුණු සහ සලකා බැලීම.
පාඨමාලා කාලය: පැයක පමණ කාලයක්
සහතික: පශ්චාත් පරීක්ෂණයෙන් අවම වශයෙන් 70% ක් ලබා ගන්නා සහභාගිවන්නන්ට ජයග්‍රහණ සහතිකයක් නිකුත් කරනු ලැබේ. ජයග්‍රහණ පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා සහභාගිවන්නන්ට මෙම පාඨමාලාව සඳහා විවෘත ලාංඡනයක් ද බාගත හැකිය. කෙසේද යන්න දැන ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
2020 වසරේ Standard precautions: Hand hygiene පාඨමාලාව සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මේ පරිවර්තනයේ අඩංගුව හෝ නිවැරදිභාවය වෙනුවෙන් ලෝක සෙඛ්‍ය සංවිධානය වග කියනු නොලැබේ. ඉංග්‍රීසි පෙළ සහ සිංහල පරිවර්තනය අතර කිසියම් හෝ නොගැළපීමක් වේ නම් ඉංග්‍රීසි පිටපත විශ්වාසවත් මූලාශ්‍රය ලෙස සැලකිය යුත්තේ ය.
Related Courses
Health Literacy and Communication for Health ProfessionalsUniversity of Nebraska via Coursera Rural Health Nursing
University of New Mexico via Coursera Cancer Clinical Trials: Practical Tips to Improve Asian American Participation (CME)
Stanford University via Stanford OpenEdx Mastering Remote Work and Online Study in U.S. in the post-COVID Era
State University of New York via Coursera Service Transformed: Lessons in U.S. Veteran Centered Care
University of Michigan via Coursera