COVID-19 ද ඇතුළුව මතු වෙමින් එන ශ්වසන වෛරස්: හඳුනා ගැනීම, වැළැක්වීම, ප්රසතිචාර දැක්වීම සහ පාලනය කිරීමේ ක්රබම
Offered By: OpenWHO
Course Description
Overview
කොරෝනා වයිරස් යනු සෙම්ප්රඳතිශ්යාථවේ සිට මැදපෙරදිග ශ්වසන සින්ඩ්රෝ මය (MERS) සහ කෙටිකාලීන බරපතළ ශ්වසන සින්ඩ්රෝමමය (SARS) වැනි දරුණු රෝග දක්වා රෝගාබාධ ඇති කරන වෛරස් විශාල පවුලකි.
නව කොරෝනා වයිරසයක් (COVID-19) 2019 දී චීනයේ වුහාන් හිදී හඳුනා ගන්නා ලදී. මෙය මිනිසුන් තුළ කලින් හඳුනාගෙන නොමැති නව කොරෝනා වයිරසයකි.
මෙම පාඨමාලාව, COVID-19 සහ මතු වෙමින් එන ශ්වසන වෛරස් පිළිබඳ පොදු හැඳින්වීමක් සපයන අතර මහජන සෞඛ්යා වෘත්තිකයන්, සිද්ධි කළමනාකරුවන් ද එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්යසන්තර සංවිධාන සහ රාජ්ය් නොවන සංවිධානවල සේවය කරන පුද්ගලයින් සඳහා අරමුණු කෙරේ.
කාරණා සලකා බැලීමෙන් පසු නිල රෝග නාමය ස්ථාපිත කර ඇති හෙයින්, COVID-19 ලෙස හැදින්වෙන nCoV හි ඕනෑම සඳහනක්, මෑතකදී සොයාගත් කොරෝනා වයිරසය නිසා ඇති වන බෝවන රෝගය අදහස් වේ.
මෙම පාඨමාලාවේ අන්තර්ගතය මෑත කාලීන මාර්ගෝපදේශය පිළිබිඹු වන පරිදි දැනට සංශෝධනය වෙමින් පවතින බව කරුණාවෙන් සලකන්න. ඔබට පහත පාඨමාලා තුළ ඇතැම් COVID-19 ආශ්‍රිත මාතෘකා පිළිබඳ යාවත්කාලීන තොරතුරු සොයා ගත හැක:
එන්නත්: *COVID-19 එන්නත් නාලිකාව *
IPC පියවර: COVID-19 සඳහා IPC
ප්‍රතිදේහජනක වේගවත් රෝග විනිශ්චය පරීක්ෂාව: 1) SARS-CoV-2 ප්‍රතිදේහජනක වේගවත් රෝග විනිශ්චය පරීක්ෂාව; 2) *SARS-CoV-2 ප්‍රතිදේහජනක RDT ක්‍රියාත්මක කිරීම සඳහා මූලික කරුණු *
Syllabus
Course information
මෙම පුහුණුව පහත භාෂාවලින් ද ලබා ගත හැකිය:
English -Français - Español - 中文 - Português - العربية - русский - Türkçe - српски језик - فارسی - हिन्दी, हिंदी - македонски јазик - Tiếng Việt - Indian sign language - magyar - Bahasa Indonesia - বাংলা - اردو - Kiswahili - አማርኛ - ଓଡିଆ - Hausa - Tetun - Deutsch - Èdè Yorùbá - Asụsụ Igbo - ਪੰਜਾਬੀ - isiZulu - Soomaaliga- Afaan Oromoo - دری - Kurdî - پښتو - मराठी- Fulfulde - Latviešu valoda - తెలుగు - Esperanto - ภาษาไทย - chiShona - Kreyòl ayisyen - Казақ тілі - தமிழ் - Ελληνικά
දළ විශ්ලේෂණය: මෙම පාඨමාලාව නව කොරෝනා වෛරස් ඇතුළු මතුවෙමින් එන ශ්වසන වෛරස් පිළිබඳ පොදු හැඳින්වීමක් සපයයි. මෙම පාඨමාලාව අවසන් වන විට, ඔබට පහත දෑ විස්තර කිරීමට හැකි විය යුතුය:
- මතුවෙමින් එන ශ්වසන වෛරස් වල ස්වභාවය, රෝග පැතිර යාමක් හඳුනා ගන්නේ කෙසේද සහ තක්සේරු කරන්නේ කෙසේද, නව ශ්වසන වෛරස් හේතුවෙන් රෝග පැතිරීම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා උපාය මාර්ග;
- නව ශ්වසන වෛරසයක් මතුවීම, වැළැක්වීම සහ ඒවාට ප්රැතිචාර දැක්වීම සඳහා අවදානම් සන්නිවේදනය කිරීමට සහ ප්රවජාවන් සම්බන්ධ කර ගැනීමට භාවිතා කළ යුතු උපායමාර්ග මොනවාද යන්න.
මෙම මාතෘකාව ඔස්සේ තවදුරටත් හැදෑරීමට ඔබට උපකාර කිරීම සඳහා එක් එක් මොඩියුලයට මූලාශ්රම සම්බන්ධ කර ඇත.
ඉගෙනීමේ පරමාර්ථය: මතු වෙමින් එන ශ්වසන වෛරස්වල මූලික මූලධර්ම සහ රෝග පැතිර යාමකට එරෙහිව ඵලදායී ලෙස ප්රථතිචාර දක්වන ආකාරය විස්තර කිරීම.
පාඨමාලා කාලය: ආසන්න වශයෙන් පැය 3 යි.
සහතික: පාඨමාලා ඇගැයීම මගින් 80%ක් හෝ වැඩියෙන් ලකුණු ලබා ගන්නා සහභාගිකයනට A Record of Achievement හිමිවනු ඇත. ජයග්‍රහණ පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා සහභාගිවන්නන්ට මෙම පාඨමාලාව සඳහා විවෘත ලාංඡනයක් ද බාගත හැකිය. කෙසේද යන්න දැන ගැනීමට මෙතැන ක්ලික් කරන්න.
කාරණා සලකා බැලීමෙන් පසු නිල රෝග නාමය ස්ථාපිත කර ඇති හෙයින්, COVID-19 ලෙස හැදින්වෙන nCoV හි ඕනෑම සඳහනක්, මෑතකදී සොයාගත් කොරෝනා වයිරසය නිසා ඇති වන බෝවන රෝගය අදහස් වේ.
Emerging respiratory viruses, including COVID-19: methods for detection, prevention, response and control, 2020 පාඨමාලාව ස්වේච්ඡා සේවකයකු විසින් සිංහල භාෂාවට පරිවර්තනය කිරීම. මේ පරිවර්තනයේ අඩංගුව හෝ නිවැරදිභාවය වෙනුවෙන් ලෝක සෙඛ්යස සංවිධානය වග කියනු නොලැබේ. ඉංග්රීrසි පෙළ සහ සිංහල පරිවර්තනය අතර කිසියම් හෝ නොගැළපීමක් වේ නම් ඉංග්රීයසි පිටපත විශ්වාසවත් මූලාශ්රeය ලෙස සැලකිය යුත්තේ ය.
Course contents
A මොඩියුලය A: COVID-19 ද ඇතුළුව මතු වෙමින් එන ශ්වසන වෛරස හඳුන්වාදීම:
සමස්ත ඉගෙනීමේ පරමාර්ථය: COVID-19 ද ඇතුළුව මතු වෙමින් එන ශ්වසන වෛරසයන් මිනිස් සෞඛ්ය යට ගෝලීය තර්ජනයක් වන්නේ මන්දැයි පැහැදිලි කිරීමට හැකිවීම.B මොඩියුලය: COVID-19 ද ඇතුළුව මතු වෙමින් එන ශ්වසන වෛරස් හඳුනා ගැනීම: සෝදිසිශීලීත්වය සහ රසායනාගාර පරීක්ෂණ:
සමස්ත ඉගෙනීමේ පරමාර්ථය: මතු වෙමින් එන ශ්වසන වෛරස් රෝගයක් හඳුනාගෙන තක්සේරු කරන්නේ කෙසේද යන්න විස්තර කිරීමC මොඩියුලය: අවදානම් සන්නිවේදනය සහ ප්රනජා සහභාගීත්වය:
සමස්ත ඉගෙනීමේ පරමාර්ථය: අවදානම් සන්නිවේදනය සඳහා භාවිතා කළ යුතු උපාය මාර්ග විස්තර කිරීම සහ COVID-19 හඳුනා ගැනීමට, වැළැක්වීමට සහ ප්රාතිචාර දැක්වීමට ප්රහජාවන් සම්බන්ධ කර ගැනීම.D මොඩියුලය : COVID-19 ද ඇතුළුව මතු වෙමින් එන ශ්වසන වෛරසයක් වැළැක්වීම සහ ප්ර්තිචාර දැක්වීම:
සමස්ත ඉගෙනීමේ පරමාර්ථය: කොරෝනා වයිරස් පැතිරීම ඇතුළු මතු වෙමින් එන ශ්වසන රෝග කාරක වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වූ උපාය මාර්ග විස්තර කිරීම.
Related Courses
Health in Numbers: Quantitative Methods in Clinical & Public Health ResearchHarvard University via edX Social Epidemiology
University of Minnesota via Coursera Diabetes - a Global Challenge
University of Copenhagen via Coursera Epidemics - the Dynamics of Infectious Diseases
Pennsylvania State University via Coursera Epidemiology: The Basic Science of Public Health
The University of North Carolina at Chapel Hill via Coursera